දිය නාන්න ගිය පාසල් සිසුන් තිදෙනෙක් අතුරුදහන්

දිය නාන්න ගිය පාසල් සිසුන් තිදෙනෙක් අතුරුදහන්

January 22, 2017   08:08 am



 මහවැලි ගඟේ දුන්හිඳ ප්‍රදේශයේ දියනෑමට ගිය ළමුන් තිදෙනකු අතුරුදන් වී තිබේ.

ඊයේ පස්වරුවේ ළමුන් පස් දෙනෙකු දියනෑමට ගොස් ඇති අතර ඉන් තිදෙනෙකු මෙලෙස අතුරුදන්ව ඇති බව  ගම්පොල පොලීසිය පවසයි .

අතුරුදන්ව ඇත්තේ 13 හැවිරිදි පාසල් සිසුන් තිදෙනෙකු බව සඳහන්ය.

 පොලීසිය හා නාවික හමුදාව එක්ව අතුරුදන් වූ ළමුන් සෙවීමේ කටයුතු සිදුකරන බව ගම්පොල පොලීසිය සඳහන් කරයි.