පී.එච්. මනතුංග  පොලිස් කොමිසමේ නව සභාපති වෙයි

පී.එච්. මනතුංග පොලිස් කොමිසමේ නව සභාපති වෙයි

January 18, 2017   06:46 pm

ජාතික පොලිස් කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස පී.එච් මනතුංග මහතා පත්කර තිබේ.

ජාතික පොලිස් කොමිසමේ හිටපු  සභාපති සිරී හෙට්ටිගේ මහතා සිය ධුරයෙන්  පසුගිය දා ඉල්ලා අස්විය.

ඒ අනුව අදාළ  කොමිෂන් සභාවේ පුරප්පාඩු වූ එම තනතුර සඳහා පී.එච් මනතුංග මහතා පත්කර  ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් ක‍ළේය.