පේරාදෙණියේ සිසු ගැටුමක්-1ක් රෝහලේ
January 18, 2017 04:24 pm
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ශාස්ත්‍ර පීඨයේ, නවක වද සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් හේතුවෙන් තුවාල ලැබූ සිසුවෙකු මේ වනවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.
නවක වදයට එරෙහි වූවායැයි පැවසෙන දෙවන වසරේ ඉගෙනුම ලබන මෙම සිසුවාට තෙවන වසරේ සිසුන් කණ්ඩායමක් විසින් පහරදීමක් සිදුකර තිබේ.
අදාළ සිසුවා මහාධිකරණ විනිසුරුවරයෙකුගේ පුතෙකු බවද වාර්තා වෙයි.
පහරදීමට අදාළ සිසුන් 8දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය මඟින්ද පරීක්ෂණයක් ආරම්භකර ඇති බව වාර්තා වෙයි.