FCID අධ්‍යක්ෂ පුටුව SSP ප්‍රියන්තට ලැබෙයි

FCID අධ්‍යක්ෂ පුටුව SSP ප්‍රියන්තට ලැබෙයි

January 18, 2017   04:10 pm


පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.කේ.ඩී. ප්‍රියන්ත මහතා පත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මීට දින කිහිපයකට පෙර අදාළ පත් කිරීම සිදු කර ඇති බවයි.

පොලිස් මූල්‍ය අපරාධන විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.ඒ. ප්‍රේමශාන්ත මහතා පසුගියදා නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කෙරුණි.

ඒ අනුව ඔහු පසුගිය දෙසැම්බර් මස 27 වනදා මොණරාගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේය.