20දා තරමක වැසි තත්ත්වයක්
January 18, 2017 01:35 pm
ඉදිරි දිනවලදී එනම් (20) දිනයේ සිට තරමක වැසි සහිත කාලගුණික තත්ත්වයක් විශේෂයෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර කොටස්වල බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ පවතින ශීත කාලගුණ තත්ත්වය තාවකාලිකව අඩු වීමක් අපේක්ෂා කළ හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.
එතෙක් දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් තවදුරටත් අපේක්ෂා කෙරේ.
දිවයිනේ සමහර ප්‍රදේශවලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
දිවයින හරහා විටින් විට හමන (පැ.කි.මී. 50ක පමණ) තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බව ඔවුන් පවසයි.
මේ අතර වැසි රහිත කාලගුණික තත්ත්වයක් පැවතියද කිසිඳු ගැටළුවකින් තොරව අඛණ්ඩ පානීය ජල සැපයුමක් ලබාදිය හැකි බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
එහි සභාපති කේ ඒ අන්සාර් පැවසුවේ දිවයිනේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක ගැඹුරු නළ ළිං සකස් කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.
පවතින වැසි රහිත කාලගුණික තත්ත්වය සහ ඒ හේතුවෙන් මතුව ඇති ගැටළු පිළිබද දැනුම්දීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අද (18) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව කියා සිටියේය.
කළු ගඟේ ජල මට්ටම සීග්‍ර ලෙස පහත බැසීම නිසා මේ වනවිට කළු ගඟට මුහුදු ජලය මිශ්රවීමේ අවදානමක් පවතින බවද වාර්තා වෙයි.
එම නිසා කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම සීමා කර ඇති බව කේ. ඒ. අන්සාර් මහතා පැවසුවේය.
කෙසේවෙතත් එම වැසියන්ටද බවුසර් මගින් පානීය ජලය ලබාදෙන බවද ඔහු අවධාරණය කර තිබේ.
මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා කියා සිටියේ ලබන මැයි මාසය වන තෙක් මෙම වියළි කාලගුණික තත්ත්වය පැවතිය හැකි බවයි.
තවදුරටත් අඳහස් දැක්වූ සභාපතිවරයා,
නියඟය නිසා විදුලිය සැපයීම අර්බුදකාරී තත්ත්වයක තිබෙනවා. ජලාශවල ජල මට්ටම පවතින්නේ සියයට 42%ක මට්ටමකයි. අද වනවිට එය සියයට 33%ක් දක්වා අඩු වී තිබෙනවා. විදුලිය උත්පාදනයට අවශ්‍ය විකල්ප ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා . නොරොච්චෝල බලගාරය ද ඇතුළුව තාප බලාගාරය උපරිමයෙන් ක්‍රියාත්මකයි. මේවාට අධික මිලක් වැය වුණත් එය ජනතාව වෙත පටවන්නට සූදානමක් නෑ. රජයේ ප්රතිපත්තියත් එයයි. විදුලිය කැපීමකින් තොරව උපරිම ආකාරයෙන් විදුලිය ලබාදීමට කටයුතු කරනවා.
විදුලිය භාවිතා කරන්න. අපතේ යවන්න එපා. අනවශ්‍ය විදුලි පහන් නිවාදැමීමට කටයුතු කරන්න. ඉල්ලුම් පාර්ශවීය බලශක්ති කමනාකරණය නමින් විදුලිය සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. විදුලි උත්පාදනයට රුපියල් 30-35 අතර මුදලක් වැය වෙනවා. විදුලි ඒකක 4ක් නාස්තිවීම තෙල් ලීටරයක් නාස්ති වුවා හා සමානයි.දෛනික අවශ්‍ය විදුලි ඒකක ප්‍රමාණය මෙ.වෝ.මිලියම්න 42-45 අතර ප්‍රමාණයක්. සූර්ය බල සංගාමය යටතේ සියලු වහලවල් සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කළ හැකි ලෙස සකස් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා යැයි ද සභාපතිවරයා පැවසී ය.
මේ අතර පවතින නියඟය තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම අවශ්‍ය බවත් ඒ සඳහා මහජන සහාය අවශ්‍ය බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සභාපති කේ.ඒ. අන්සාර් මහතා පවසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
කළුතර ප්‍රදේශයේ පානීය ජලය ලබාදීම සඳහා බවුසර් මඟින් හා ජල ටැංකි ලබාදෙමින් කටයුතු කරනවා. නුවර ප්‍රදේශයේ සුළු ජල යෝජනා ක්‍රමවල සහාය ලබාගන්නවා. මාතර ජලය ලබාදීම සීමා කර තිබෙනවා. පෞද්ගලික හා පොදු නළ ළිං 30,000ක් ප්‍රතිසංස්කරණය කරනවා. කෙටි කාලීනව නළ ළිං 1000ක් ප්‍රතිසංස්කරණය කරනවා. ළිං 400ක් හදලා තිබෙනවා. පානීය ජලය ලබාදීම සීමා කරන්නේ නෑ. කොළඹ පානීය ජලය ලබාදීම සීමා කර නෑ. මාර්තු අවසානය දක්වා පානීය ජලය අවශ්‍ය ආකාරයට ලබාදෙන්න හැකියාව තිබෙනවා යැයි ද සභාපතිවරයා පැවසී ය.
නියඟයට මුහුණ දීමට වාරි මාර්ග දෙපාර්තමේන්තුව අවශ්‍ය පූර්ව සූදානමක සිටීමට හැකියාව ලැබුණා. කෘෂි වගාවන් ආරක්ෂා කිරීම ගැන සකච්ඡා කර තිබෙනවා. පානීය ජල ගැටළුවට විසඳුම් සොයා බලනවා. කෙටි කාලීන හා දීර්ග කලීන විසඳුම් සඳහා සාකච්ඡා කර දැනටමත් අවශ්‍ය කටයුතු කරනවා යැයි වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්. ඩබ්ලිව්. රත්නායක මහතා පවසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
නියඟ තත්ත්වය සම්බන්ධයෙන් පවතින කාලගුණය පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පූර්ව දැනුවත් කිරීමක් කර තිබුණා. ඒ අනුව වාරි මාර්ග දෙපාර්තමේන්තුව අවශ්‍ය පූර්ව සූදානමක සිටීමට හැකියාව ලැබුණා. ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජලය සම්බන්ධයේ හොඳ කළමනාකරණයක් කර තිබෙනවා.නියඟය තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී වගා කළ යුතු කෘෂි බෝග මොනවාද? ජලය අඩුවෙන් භාවිත කළ හැකි බෝග මොනවාද? සාකච්ඡා කරනවා.මේ වනවිට සෑම ක්ෂේත්රයකටම නියඟය බලපා තිබෙනවා.
ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ දැඩි අවධානය යොමු වී තිබෙනවා මේ සම්බන්ධයෙන්. ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවා තිබෙනවා, සියලු අංශ නියෝජනය කරන්න. අපි සෑම විටම සූදානමින් සිටිනවා.දැනට පවතින කෘෂි වගාවන් ආරක්ෂා කිරීම ගැන සකච්ඡා කර තිබෙනවා. පානීය ජල ගැටළුවට විසඳුම් සොයා බලනවා. කෙටි කාලීන හා දීර්ග කාලීන විසඳුම් සඳහා සාකච්ඡා කර දැනටමත් අවශ්‍ය කටයුතු කරනවා.මේ වනවිටත් හොඳ ජල පාලනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සිදු කර තිබෙනවා'' යැයි ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.
මේ අතර නියඟයට මුහුණ දීමට නළ ළිං 400ක් ඉදිකිරීමට සහ ගම්වල ගැඹුරු ළිං 1000 ක් අළුත්වැඩියා කිරීමටත් අතින් පොම්ප කළ හැකි ළිං 200 ක් ඉදිකිරිමටත් කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
නගර සංවර්ධන හා ජල සැපයුම් ඇමැති රාවුෆ් හකීම් මහතා අදාළ යෝජනාව ඉදිරිපත් කළේය.