රජය පිළිතුරක් නොදුන්නොත් මාරාන්තික උපවාසයක් කරනවා

රජය පිළිතුරක් නොදුන්නොත් මාරාන්තික උපවාසයක් කරනවා

January 18, 2017   01:01 pm



පැවැති සිවිල් යුද්ධයෙන් අතුරුදන්වූවන් සම්බන්ධයෙන් රජය නිසි පිළිතුරක් ලබා නොදෙන්නේනම් මාරාන්තික උපවාසයක නිරත වන බව  දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී ආනන්දි ශෂීදරන් මහත්මිය පවසයි.

ලබන 22 වනදා සිට එම මාරාන්තික උපවාසය ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ඇය ප්‍රකාශ කර තිබේ.

යුද්ධය අවසන්වීමෙන් පසු ආරක්ෂක අංශ වෙත භාරවූ තම ස්වාමිපුරුෂයා ද ඇතුළු ඇතැම් පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැති බව ආනන්දි ශෂිදරන් මන්ත්‍රීවරිය පෙන්වා දෙයි.

එසේ අතුරුදන්වූවන් සම්බන්ධයෙන් රජය විශේෂ අවධානයක් යොමු කර කටයුතු කළ යුතු බව පවසන ආනන්දි ශෂිදරන් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ මාරාන්තික උපවාසයක් සිදු කර හෝ අතුරුදන්වූවන් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අවශ්‍යතාවය ඔවුන්ගේ ඥාතීන්ට පවතින බවයි.