එච්.ඊ සඟරාවේ පළමුවන සංවත්සර කලාපය  එළිදැක්වෙයි

එච්.ඊ සඟරාවේ පළමුවන සංවත්සර කලාපය එළිදැක්වෙයි

January 18, 2017   12:58 pm




දේශපාලන සමාජීය කරුණු අලලා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව නිකුත් කෙරෙන “ එච්.ඊ “ සඟරාවේ පළමුවන සංවත්සර කලාපය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදක්වා තිබේ.

වෛද්‍ය සයුරු සමරසුන්දර මහතා විසින් එහි පළමු කලාපය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වු බව  ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එච්.ඊ සගරාවේ කර්තෘ සාරංග විජේරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.

දෙවසරක යහපාලනය සහ හෙට දවස යන මැයෙන් විද්වත් කථිකාවක් ද මීට සමගාමිව පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.