අතුරුගිරියේ වෙඩි තැබීමක්- දුමින්දගේ හිටපු රියදුරු මරු දකියි

අතුරුගිරියේ වෙඩි තැබීමක්- දුමින්දගේ හිටපු රියදුරු මරු දකියි

January 17, 2017   08:08 pm

අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

අදාළ වෙඩි ප්‍රහාරයෙන් ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර තනිල් බණ්ඩාර ධර්ම ශ්‍රී හෙවත් බණ්ඩා නැමැති 33 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් තිබේ.

අතුරුගිරිය ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක  රැදී සිටියදී ඔහු මෙම ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තා වෙයි.

ඝාතනයට ලක්වූ තැනැත්තාට එරෙහිව පුද්ගල ඝාතන දෙකක් සහ තවත් පුද්ගලයෙකු ඝාතනයට තැත් කිරීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇති  බව පොලිසිය සඳහන් කරයි.

වෙඩි ප්‍රහාරයට ලක් වූ තැනැත්තා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ රියදුරෙකු වූ පුද්ගලයෙකු බව වාර්තා වෙයි.

අදාළ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා අතුරුගිරිය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.