බවුසරයට යට වී අවසන් ගමන් යයි
January 17, 2017 03:30 pm
පස්යාල - ගිරිඋල්ල මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පස්යාල දෙසට ධාවනය වු යතුරුපැදියක් බවුසර් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේ දී ඉදිරියෙන් පැමිණි තවත් යතුරුපැදියක ගැටීඇති බව සඳහන්ය.
එහිදී පස්යාල දෙසට ධාවනය වු යතුරුපැදියේ ගමන්ගත් පසුපැදිකරු මාර්ගයේ පෙරළීගොස් බවුසර් රථයට යටවී ඇති බව පොලීසිය පැවසුවේය.
අනතුරෙන් බරපතළ තුවාල ලැබු එම පුද්ගලයා මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 24 හැවිරිදි හිඟුරක්ගොඩ ප්රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.
අනතුර සම්බන්ධයෙන් යතුරුපැදියේ හා බවුසර් රථයේ රියදුරන් අත්අඩංගුවට ගත් බව මීරිගම පොලීසිය සඳහන් කරයි.