ඩෙංගු මඩින්න රාජ්‍ය ආයතනත් පරීක්ෂා කරයි
January 17, 2017 02:25 pm
රාජ්‍ය ආයතන තුළ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වර්ධනය වී ඇති බැවින් ලබන 24 වැනිදා එම ආයතන පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සියලුම අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
සියලුම කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් වෙත ලිපියක් යොමුකරමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව අදාළ රාජ්‍ය ආයතන පරීක්ෂා කිරීම එම ආයතන විසින්ම සිදුකළ යුතු අතර ඉන් අනතුරුව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් ලබන 25,26 සහ 27 යන තෙදින සියලුම රාජ්‍ය ආයතන පරීක්ෂා කිරීමට නියමිත බව අමාත්‍යවරයා සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.
2016 වසරේ දී ඩෙංගු රෝගීන් 54,727 දෙනෙකු සහ මරණ 78ක් වාර්තා වී ඇති අතර දිවයින පුරා පිහිටි රාජ්‍ය ආයතනවලින් සියයට 65ක මදුරුවන් බෝවන ස්ථාන බහුලව සොයාගෙන ඇති බව සඳහන්ය.
මේ අතර 2017 වසරේ ගත වු දින 17 තුළ ඩෙංගු රෝගීන් 1311 දෙනෙකු වාර්තා වී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.