CSN බලපත්‍රය අවලංගු කිරීම-පෙත්සම 16දා කැඳවයි

CSN බලපත්‍රය අවලංගු කිරීම-පෙත්සම 16දා කැඳවයි

January 17, 2017   02:19 pm



සී.එස්.එන්.රූපවාහිනී නාලිකාවේ බලපත්‍රය අවලංගු කිරීමට එරෙහිව එම රූපවාහිනී සමාගම විසින් ඉදිරිපත් කළ පෙත්සමක් ලබන 16 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

එතෙක් අවලංගු කළ එම බලපත්‍රය සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස අභියාචනාධිකරණය වගඋත්තරකාර පාර්ශවයට දැනුම්දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

පෙත්සම්කාර සී.එස්.එන්.රූපවාහිනී සමාගම අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ සාධාරණ පරීක්ෂණයක් නොපවත්වා තම බලපත්‍රය අවලංගු කිරීම නීතියට පටහැනි බවයි.

ඒ හේතුවෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති අදාළ ලිපිය නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් අභියචනාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

පෙත්සම අද(17) කැදවු අවස්ථාවේ දී වගඋත්තරකාර පාර්ශවය විසින් අභියාචනාධිකරණයට විරෝධතා ඉදිරිපත් කර ඇති අතර ඊට ප්‍රති විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා පෙත්සම්කාර පාර්ශවයට අධිකරණය කල් ලබාදුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.