වියළි කාලගුණික තත්ත්වයෙන් ලක්ෂ 6ක් අවතැන්

වියළි කාලගුණික තත්ත්වයෙන් ලක්ෂ 6ක් අවතැන්

January 17, 2017   12:50 pm



 දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 6කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

 එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 13කට බලපෑම් එල්ල වී ඇති බවයි.

 පවතින තත්ත්වය හමුවේ ජලය විදුලිය මෙන්ම ආහාර ද අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර ඉදිරි දින කිහිපයේදී එනම් ජනවාරි 20 වන දින සිට දිවයිනේ පවතින වියළි සහ ශීත කාලගුණික තත්ත්වයේ තාවකාලික වෙනසක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එතෙක් දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් තවදුරටත් අපේක්ෂා කෙරේ.

දිවයිනේ සමහර ප්‍රදේශවලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් (විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල) අපේක්ෂා කළ හැකි බව වාර්තා වෙයි.

 එමෙන්ම දිවයි‍නේ  දකුණු අර්ධ‍යේ  විටින්විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.