ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ගේනවා

ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ගේනවා

January 17, 2017   12:47 pm



ඉදිරි ජනාධිපතිවරණය  සඳහා ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ දේශපාලන පක්ෂ විසින් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

 වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ගාල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ විපක්ෂය ගෙන යන  අසත්‍යය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි.

මේ අතර රට තුළ දූෂණය සහ සොරකම නතර කිරීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන බව ජාතික සංවාඳ පිළිබද  අමාත්‍ය මනෝගනේෂන් මහතා පවසයි.   

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් මනෝගනේෂන් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මේ අතර වංචා දූෂණ සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රජයට බල කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව  පුරවැසි බලය සංවිධානය පවසයි.