ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉල්ලුම සැපයීමට නොහැකියි

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉල්ලුම සැපයීමට නොහැකියි

January 17, 2017   12:20 pm



ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මෙරට මසුන් හා මත්ස්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් ඉහළ ඉල්ලුමක් පැවතිය ද එම ඉල්ලුම සැපයීමට අපොහොසත් වී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ජාත්‍යන්තර වෙළෙදපොළ තුළ මසුන් හා මත්ස්‍ය නිෂ්පාදන සඳහා පවතින සමස්ත ඉල්ලුමෙන් තුනෙන් එකක සැපයුමක් පමණක් දැනට සිදුකෙරෙන බව එම අමාත්‍යාංශය පෙන්වා දුන්නේය.

ධීවර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනය සහ 2017 වසරේ කාර්යය සාධනය පිළිබද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

2015 වසරට සාපේක්ෂව මත්ස්‍ය හා මත්ස්‍ය නිෂ්පාදන අපනයනය 2016 වසරේ සුළු අඩුවීමක් පෙන්නුම් කළ ද මත්ස්‍ය අපනයනයෙන් ලද ආදායම ඉහළ ගොස් ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.