කාසියේ වාසිය දකුණු අප්‍රිකාවටයි

කාසියේ වාසිය දකුණු අප්‍රිකාවටයි

January 12, 2017   01:22 pm



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

තරගය අද(11) දකුණු අප්‍රිකාවේ ජොහැන්නර්ස්බර්ග්හිදී ආරම්භ වෙයි.

තරගාවලියේ තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය වන මෙම තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් වෙයි.

මේ දක්වා පැවති තරග දෙකම ශ්‍රී ලංකාව පරාජයට පත් වූ අතර මෙම තරගය ජයග්‍රහණය කිරීම තම අරමුණ බව  ශ්‍රී ලංකා නායකයා පවසා සිටියේය.