මත්පැන් ප්‍රවාහනය කරද්දී 3ක් අල්ලයි

මත්පැන් ප්‍රවාහනය කරද්දී 3ක් අල්ලයි

January 12, 2017   01:18 pm


බලපත්‍ර නොමැතිව මත්පැන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු වැලිමඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකායේ මීපිලිමාන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

සැකකරුවන් ත්‍රීරෝද  රථයකින් රජයේ අනුමත මත්පැන් බෝතල් 40ක් ප්‍රවාහනය කරමින් සිට ඇති අතර එහි වටිනාකම රුපියල් 60,000ක් පමණ වන බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.

 වැඩිදුර විමර්ශන සඳහා අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා වැලිමඩ පොලීසිය වෙත බාරදීමට  පොලිස් විශේෂ කාර්යය බලකාය කටයුතු කර තිබේ.