තෙල් පිරිපහදු සංකීර්ණයෙන් පරිසර හානියක් නෑ

තෙල් පිරිපහදු සංකීර්ණයෙන් පරිසර හානියක් නෑ

January 12, 2017   12:01 pm



හම්බන්තොට ඉදිකිරීමට යෝජිත තෙල්  පිරිපහදු සංකීර්ණය මඟින් කිසිඳු පරිසර හානියක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ටී.ජී ජයසිංහ මහතා පවසන්නේ එමගින් පරිසර හානියක් සිදු වන බවට සිදු කරන ප්‍රකාශයන්හි සත්‍යතාවක් නොමැති බවයි.

හැටන් ප්‍රදේශයේ නව ඉන්ධන පිරවුම් හලක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වෙමින් සභාපතිවරයා මෙම අදහස් පල කළේය.