ශීත කාලගුණය තවත් සතියක්
January 12, 2017 11:58 am
පවතින ශීත කාලගුණ තත්ත්වය තවත් සතියක පමණ කාලයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ එස්. ප්‍රේමලාල් මහතා සඳහන් කළේ ඉදිරි සතියේ දිවයින පුරා වැසි අපේක්ෂා කරන බවයි.
මේ අතර පවතින අධික ශිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන් ඒපිළිබඳ සැලකිලිමත්ව ඊට සූදානම්ව පැමිණෙන ලෙස ශ්‍රීපාද උඩමළුවේ බාරකාර පූජ්‍ය දොරපනේ සුමනජෝති හිමි ඉල්ලීමක් කරයි.