ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ 5ක් කොටු

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ 5ක් කොටු

January 12, 2017   11:33 am



 
රුපියල් 5000සේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

කළුතර කැලිඩෝ හංදිය ප්‍රදේශයේදී රුපියල් 5000සේ ව්‍යාජ මුදල් නෝට්ටු 02ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී  රුපියල් 5000සේ ව්‍යාජ මුදල් නෝට්ටු 55ක් සොයා ගෙන ඇත.

සැකකරුවන් කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසා සිටියේය.