රියර් අද්මිරාල් පැස්ක්වාලේ මාණ්ඩලික ප්‍රධානී සිරිමෙවන් හමුවෙයි
January 12, 2017 10:58 am
ඉතාලි නාවික හමුදාවේ නෞකා නිර්මාණය කිරීමේ සහ සටන් ක්‍රම පිළිබඳ සත් වන කාර්යංශ ප්‍රධානී රියර් අද්මිරාල් පැස්ක්වාලේ ඩී කැන්ඩියා මහතා මෙරට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී සිරිමෙවන් රණසිංහ මහතා හමුවී තිබේ.
නාවික හමුදා මූලස්ථානයේදී මෙම හමුව පැවති බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේය.
පැස්ක්වාලේ ඩී කැන්ඩියා මහතා රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතර පැවති සාකච්ඡාවේදී ද්වීපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන්ය.