උදයංග වීරතුංගගේ බැංකු ගිණුම්  ඥාතීන් වෙත මුදාහරීද?

උදයංග වීරතුංගගේ බැංකු ගිණුම් ඥාතීන් වෙත මුදාහරීද?

January 12, 2017   10:42 am




රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට අයත් බැංකු ගිණුම්වලින් යම් මුදලක් ඔහුගේ ඥාතීන් වෙත මුදාහැරීමට හැකිදැයි සලකා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කර තිබේ.

මිග්යානා ගණුදෙනුවට අදාළව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට අයත් බැංකු ගිණුම් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත පසුගියදා අත්හිටුවනු ලැබීය.

එසේ අත්හිටුවා ඇති බැංකු ගිණුම් 18ක ඇති මුදල් ආපසු ගැනීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා උදයංග වීරතුංග මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු මඩුල්ල සති හතරක් තුළ ඒ පිළිබඳ තීරණයක් ලබාදෙන ලෙස නීතිපතිවරයාට නියෝග කළ බව අද දෙරණ අධීකරණ වාර්තාකරු සඳහන් කළේය.