මම අරක්කු දීලා ඡන්දේ ගත්තේ නෑ

මම අරක්කු දීලා ඡන්දේ ගත්තේ නෑ

January 10, 2017   01:09 pm




ජනතාවට අරක්කු ලබා දී තමන් ඡන්දය ලබා නොගත් බවත්, ජනතාව විසින් සෑබෑ දේශපාලඥයෙකුට ලබා දුන් ඡන්දයක් තමාට ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසයි.

තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයේ 100% ක් අයිතිය ඇත්තේ ජනතාවගේ බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

විදුර වික්‍රමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමාට එවැනි අදහස් මිස තීරණයක් නොමැති බවයි.

එසේම රට ගොඩනැගීම සඳහා ප්‍රතිපත්ති මුල්කරගත් නව වැඩපිළිවෙළක අවශ්‍යතාව පවතින බවද  ඔහු අනාවරණ කළේය.

වත්මන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන් තුළද රට ගොඩනැගීම පිළිබඳ අවංක උවමනාවක් දක්නට නොලැබෙන බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

මේ වන විට රටට 56 විප්ලවය නැවත ඇති විය යුතු අතර එය කාලීන ආකාරයේ විය යුතු බවද ඒ මහතා පවසා තිබේ.