Back to Top

 නව දඩ පත්‍රිකාව ගැන තවත් සාකච්ඡාවක්

නව දඩ පත්‍රිකාව ගැන තවත් සාකච්ඡාවක්

January 10, 2017  12:21 pm

Bookmark and Share



සංශෝධනය කිරීමට නියමිත රථ වාහන වැරදි සඳහා වන නව දඩ පත්‍රිකාව සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක්  පවත්වා තිබේ.

ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඇතිවු ගැටළුකාරී තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කළ මණ්ඩලය විසින් ඊයේ(09) එම සාකච්ඡාව පවත්වා ඇති අතර මේ වන විට කෙටුම්පත් කර ඇති නව දඩ පත්‍රිකාව සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.

මෙවර අයවැයෙන් රථ වාහන වැරදි 7ක් සඳහා රුපියල් 25,000ක අවම දඩයක් යෝජනා කෙරුණු අතර ඒ පිළිබඳ බස් සංගම් ඇතුළු විවිධ පාර්ශව වල විරෝධය පළ වුණි.

ඒ අනුව ඒ පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මණ්ඩලයක් පත් කළ අතර ඊයේ පැවති  අදාළ සාකච්ඡාව සඳහා ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වයක් ඇති විද්වතුන් කිහිපදෙනෙකු ද සහභාගී වී  ඇති බව සඳහන්ය.

නව දඩ පත්‍රිකාව සඳහා එම සාකච්ඡාවේ දී තවත් සංශෝධන කිහිපයක් ඉදිරිපත් වු බව ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර මහතා සඳහන් කළේය.

ඒ අනුව එම සංශෝධන ද සහිතව කෙටුම්පත් කරන ලද දඩ පත්‍රිකාව ත්‍රිරෝද රථ හා බස් සංගම් නියෝජිතයන් වෙත ඉදිරි සතියේදී  ඉදිරිපත් කිරීමට නියමිතය.