සංගත්තානි වැවට තරුණිය බිලි

සංගත්තානි වැවට තරුණිය බිලි

January 10, 2017   12:09 pm





කයිට්ස්, වේලනි සංගත්තානි වැවේ දියනෑමට ගිය තරුණියක දියේ ගිළී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ වේලනි ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි තරුණියකි.

මෘත ශරීරය වේලනි රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (10) දින සිදු කිරීමට නියමිතය.

කයිට්ස් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.