Back to Top

 ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් ඇමති රවීලු

ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් ඇමති රවීලු

January 10, 2017  10:50 am

Bookmark and Share



ආසියානු පැසිෆික් කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා නම්කර තිබේ.

මෙම නම් කිරීම සිදුකර ඇත්තේ ලොව ප‍්‍රකට ‘ද බෑන්කර්’ සඟරාව විසිනි.

පවතින තත්ත්වයන් කළමනාකරණය කරමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා මුදල් අමාත්‍යවරුන් විසින් ගන්නා ලද කි‍්‍රයාමාර්ග මෙහිදී අධ්‍යයනයට ලක්ව තිබේ.

රවී කරුණානායක මහතා කෙටි කලකදී එවැනි කි‍්‍රයාමාර්ග රැසක් ගනු ලැබූ බවත්, ඒවායින් දිගුකාලීන සාර්ථක ප‍්‍රතිඵල අපේක්ෂා කළ හැකි බව අධ්‍යයනය සිදුකළ ආර්ථික විශ්ලේෂකයින්ගේ අදහස වී ඇත.

විශේෂයෙන්ම බදු ආදායම වැඩිකර ගැනීමට, බදු ක‍්‍රමය සරල කිරීමට සහ බදු ගෙවීම සඳහා ජනතාව පෙළඹවීමට අමාත්‍ය රවී කරුණානායක ගනු ලැබූ කි‍්‍රයාමාර්ග ඇගයීමට ලක්ව තිබේ.

විදෙස් රටවල සහ ජාත්‍යන්තර සංවිධානවල විශ්වාසය දිනා ගනිමින් සහන ණය සහ ආධාර වැඩි වශයෙන් ලබාගැනීමට ද රවී කරුණානායක සමත් වූ බව මෙහිදී නිරීක්ෂණය වී ඇත.

මෙම අධ්‍යයනයට අනුව යුරෝපා කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස ලැට්වියා රාජ්‍යයේ ඩනා රිස්නීසියා ඔස්ලෝ නම් කර තිබේ.

මැදපෙරදිග කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා වන්නේ කුවෙට් හි අනාස් අල් සාලේයි.

 දකුණු අප‍්‍රිකාවේ ප‍්‍රවීන් ගොර්දාන් අප‍්‍රිකානු කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා වෙයි.