බහින්බස් වීම මරණයෙන් කෙළවර වෙයි

බහින්බස් වීම මරණයෙන් කෙළවර වෙයි

January 10, 2017   10:40 am



කෑගල්ල, පලපොලුව ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර ඇති වු බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ඝාතනයට ලක්ව ඇත්තේ පලපොලුව ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි අයෙක් බව පොලීසිය සඳහන් කළේය.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඝාතනයට ලක්වු පුද්ගලයාගේ  සහෝදරයෙකු වන බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන ලබයි.