විමල් FCID එයි

විමල් FCID එයි

January 10, 2017   10:08 am


ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි  විමල් වීරවංශ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

මීට ටික වේලාවකට පෙර මන්ත්‍රිවරයා එහි පැමිණි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

විමල් විරවංශ මහතා ඉදිකිරීම් ඉංජිනේරු නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේ රජයේ වාහන අවභාවිත කළ බව කියන සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

විමල් වීරවංශ මහතා මෙම චෝදනාවට අදාළව අවස්ථා කිහිපයකදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා තිබුණි.