දක්ෂිණ අධිවේගය ඇරඹුවේ අපි

දක්ෂිණ අධිවේගය ඇරඹුවේ අපි

January 10, 2017   09:25 am




පසුගිය ආණ්ඩුව ගෙන ගිය වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා මේ වනවිට උද්ධමනය ඉහළ ගොස් රුපියල බාල්දු වී තිබෙන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කළාය.

පසුගිය ආණ්ඩුව රට සංවර්ධනය කළ බවට සඳහන් කළද ඔවුන් සිදුකළේ අතිවිශාල කොමිස් මුදලක් ලබාගැනීම සඳහා පාරවල් ඉදිකිරීම පමණක් බව ඇය පවසා සිටියාය.

කුමාරතුංග මහත්මිය මේ බව පැවසුවේ සපුගස්කන්ද තෙල් පිරිපහදු කාර්යාංශයේ පුහුණු ඒකකය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක නමින් නම්කිරීමේ අවස්ථාවකට ඊයේ (09) සහභාගී වෙමිනි.

පසුගිය ආණ්ඩුව විවෘත කළ දක්ෂිණ අධිවේගී මාර්ගය, හම්බන්තොට වරාය තම පාලන සමයේ වැඩ ආරම්භ කර තිබූ ව්‍යාපෘති බවද ඇය වැඩිදුරටත් පවසා සිටියාය.