බුද්ධිමය දේපල මංකොල්ලයට තිත!

බුද්ධිමය දේපල මංකොල්ලයට තිත!

January 10, 2017   09:21 am


බුද්ධිමය දේපල මංකොල්ලය නැවැත්වීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

කලාකරුවන් සහ නිලධාරීන් සමග ඊයේ(09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

 එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ බුද්ධිමය දේපල සම්බන්ධයෙන් දැනට පවතින නීති රීති නිසි ලෙස ක්‍රියාත්මක කිරීමටත්, අඩු පාඩු පවතින්නේ නම් නව නීති සම්පාදනය කිරීමටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

 බුද්ධිමය දේපල හිමිකම සහ කතෘභාගය ගෙවීම සම්බන්ධයෙන් පවතින නීතිරීති පිළිබද අදාළ අංශ දැනුම්වත් කිරීම සදහා වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත උපදෙස් ලබා දී තිබේ.

මේ අතර ලාංකේය නිදහස් සටනේ ආරම්භය ලෙස සැලකෙන 1818 ඌව වෙල්ලස්ස අරගලය සහ ඊට නායකත්වය දුන් කැප්පෙටිපොල දිසාව ඇතුළු විරුවන් සැමරීමේ ජාතික උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙයි.