CID-FCID ට එරෙහිව අධිකරණයට යනවා

CID-FCID ට එරෙහිව අධිකරණයට යනවා

January 10, 2017   09:17 am



පැවති ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුවද අධිවේගී මාර්ගයේ වාහන බලපත්‍ර මගින් සිදුකරන මූල්‍ය වංචා පිළිබඳව විමර්ශනය නොකිරීමට එරෙහිව අල්ලස් කොමිසමට සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට එරෙහිව නඩු පවරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ නියමිත පටිපාටියට අනුව බලපත්‍ර ලබානොදීම හේතුවෙන් ආණ්ඩුවට වාර්ෂිකව රුපියල් කෝටි 15ක පමණ මුදලක් පාඩු සිදුවන බවයි.

ඊයේ(09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.

කොළඹ මාර්ග කිහිපයක බස් රථ රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කරන බව ද වේලා සටහන්කරුවන් මත්ද්‍රව්‍ය සපයන බව ද ගැමුණු විජේරත්න මහතා එම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර තිබේ.

මේ අතර පුද්ගලික බස් රථ 3000ක් අතිරික්තව තිබියදී ලංගම සඳහා බස් රථ 2000ක් ගෙන්වීමට කිසිසේත් ඉඩ නොතබන බව අන්තර් පළාත් පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ කැදවුම්කරු අංජන ප්‍රියංජිත් මහතා ප්‍රකාශ කළේය.