තහනම් දැල් ගැන විමර්ශනයට විද්වත් කමිටුවක්

තහනම් දැල් ගැන විමර්ශනයට විද්වත් කමිටුවක්

December 9, 2016   03:52 pm



ධීවර කර්මාන්තයේ දී ධීවරයින් විසින් යොදාගන්නා නීතිවිරෝධී තහනම් දැල් ආම්පන්න ක්‍රම පිළිබඳව විමර්ශණයක් සිදු කිරීම සඳහා ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් විද්වත් කමිටුවක් පත් කර තිබේ.

තහනම් දැල් ආම්පන්න යොදා ගනිමින් මසුන් මැරීම තහනම් කර තිබිය දී ඇතැම් ධීවරයින් විසින් තවමත් එම ආම්පන්න ක්‍රම භාවිතා කිරීම හේතුවෙන් අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සඳහන් කළේය. 

මහාචාර්ය සුනිල් ජයකොඩි මහතා එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර ඇති අතර ආචාර්ය සිසිර හපුතන්ත්‍රී, ධීවර අමාත්‍යාංශයේ නීති නිලධාරිනී ශාලිකා වඩුතන්ත්‍රී යන මහත්ම මහත්මින් එහි සෙසු සාමාජිකයින් වේ.

මාස තුනක් ඇතුළත සුරුක්කු හා ලයිලා දැල් භාවිතය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස සහ ඉන් පසු මාස තුනක් තුළ සෙසු තහනම් ධීවර පන්න ක්‍රම පිළිබඳ වාර්තාව ලබාදෙන ලෙස අමාත්‍යවරයා එම කමිටුව වෙත දැනුම් දී ඇත.