ද.කොරියාවේ ජනපතිනිය ගෙදර යවයි

ද.කොරියාවේ ජනපතිනිය ගෙදර යවයි

December 9, 2016   01:27 pm


දකුණු කොරියා ඉතිහාසයේ පළමු ජනාධිපතිනිය වන පාර්ක් ජුන් හෛ ධූරයෙන් ඉවත් කිරීමට එරට පාර්ලිමේන්තුව විසින් කටයුතු කර තිබේ.

ඇයට එරෙහිව ගෙන එනු ලැබූ දෝෂාභියෝගයක් සම්මත කිරීම මගින් ඇය ධූරයෙන් නෙරපා හැරීමට අද (09)දකුණු කොරියානු පාර්ලිමේන්තුව ක්‍රියා කර ඇති බවට විදෙස් පුවත් වාර්තා කරයි.

දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් පාර්ක් ජුන් හෛට දැඩි චෝදනා එල්ලවූ අතර එරට ඉතිහාසයේ විශාලතම විරෝධතා ව්‍යාපාරක් සංවිධානය වූයේ ඇයට එරෙහිවය.

මිත්‍ර සංග්‍රහයක් කරමින් රාජ්‍ය සම්පත් අවභාවිත කළ දකුණු කොරියානු ජනපතිනී පාක් ග්වෙන්-හයි ට එරෙහි දෝෂාභියෝග යෝජනාව වෙනුවෙන් එරට පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද (09දා) පැවැත්වුණි

ඇය සිය පෞද්ගලික සහායිකාවක හා අගේ සමීප මිතුරියක වූ චොයි සූන්-සිල් සඳහා රාජ්‍ය මුදල් අවභාවිත කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම හා අයුතු බලයක් ලබාදීම යන චෝදනාවන්ට ලක්ව සිටියේය.

මේ සිදුවීමත් සමග දකුණු කොරියානු ජනතාව ලක්ෂ ගණනින් වීදි බසිමින් ජනාධිපතිනිය වහා ඉල්ලා අස්විය යුතු බව කියා සිටියහ.

2013 වසරේ මූලාරම්භයේ එරට බලයට පත්වන,මේ වන විට 64 වන වියේ පසුවන පාර්ක් ජුන් හෛ සම්බන්ධයෙන් එරට වැඩිහිටි ජනයා විශ්වාසය තැබුවේ ඇයගේ පියා වන යුද ඒකාධිපතියෙකු වූ පාර්ක් යුන් හෛ ගේ නූතන භූමිකාවක් රඟ දක්වනු ඇති බවයි.

එහෙත් වැඩි කාලයක් නොගොස් ඇයට එරෙහිව දූෂණ චෝදනා එල්ලවන අතර දහස් ගණනින් ජනයා වීදි බසින්නට වූහ.

අද පැවති දෝෂාභියෝගයේදී 300 දෙනෙකුගේ යුත් එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් 234ක් හෙවත්,තුනෙන් දෙකකට වැඩි පිරිසක් ඡන්දය භාවිතා කර තිබේ.