නවගමුවේ ගැටුමකින් පුද්ගලයෙක් මරුට

නවගමුවේ ගැටුමකින් පුද්ගලයෙක් මරුට

December 9, 2016   01:23 pm



නවගමුව, ගොඩැල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනක් තුළදී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඇති වූ පහරදීමක් හේතුවෙන් එක් අයෙකු මියගොස් තිබේ.

පොලිසිය පැවසුවේ තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.