මෝටර් රථ ධාවන බලපත්‍ර ගාස්තුව වැඩි කරන බව පැවසීම අසත්‍යයක්
December 5, 2016 10:00 pm
මෝටර් රථයක් ධාවනය කිරීම සඳහා ලබා දෙන බලපත්‍ර ගාස්තුව රුපියල් 25,000ක් දක්වා වැඩි කිරීම සහ රියදුරු බලපත්‍රයක් ලබා දීමේ අවම වයස් සීමාව අවුරුදු 25 දක්වා ඉහළ දමන බවට සමාජය තුළ පැතිරී යන ප්‍රකාශ අසත්‍ය බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.
ඒ ආකාරයේ කිසිදු සූදානමක් නොමැති බව අමාත්‍යවරයා සදහන් කළේය.
බීමත්ව රිය ධාවනය, රියදුරු බලපත්‍රයක් නොමැතිව ධාවනය, මෝටර් රථ රක්ෂණාවරණයක් නොමැතිව රිය ධාවනය, රියදුරු බලපත්‍රයක් නොමැති අයෙකුට වාහනය පැවරීම සහ දුම්රිය ගේට්ටුව වසා තිබියදී දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරිම යනාදී වැරදි සඳහා පනවා ඇති දඩ මුදල් සංශෝධනය නොවන බව අමාත්‍යවරයා පෙන්වා දෙනු ලබයි.
කෙසේ වෙතත් වමෙන් ඉස්සර කිරීම සහ අධික වේගය යන වැරදි සඳහා පනවා ඇති දඩ මුදල් ජනාධිපතිවරයා පත් කර ඇති කමිටුවේ වාර්තාව අනුව සංශෝධනය වීමට ඉඩ ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.