බීමතින් මාළු ඇල්ලීම නතර කරන්නත් නීති ‍‍ගේනවා

බීමතින් මාළු ඇල්ලීම නතර කරන්නත් නීති ‍‍ගේනවා

December 5, 2016   04:34 pm




බීමත්ව ධීවර කර්මාන්තයේ නිරතවීම වැළැක්වීමට අවශ්‍ය නව නීති හඳුන්වා දීමට අවශ්‍ය පියවර ගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කියයි.

අමාත්‍යවරයා අවධාරණය කළේ බීමත්ව වාහන ධාවන කිරීමෙන් අනතුරු සිදුවන්නා සේම බීමත්ව ධීවර බෝට්ටු පැදවීමේදීත් බහුලව අනතුරු සිදුවන බවයි.

සාගරයේ සිදුවන එවැනි අනතුරු ජනතාව අතරට එතරම් නොයාම හේතුවෙන් ඊට එරෙහි ජනතා මතයක් ගොඩනැගී නැතැයි රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා සඳහන් කළේය.

කකුළුවන් බෝකිරීමේ මඩ පොකුණක් රැකව ප්‍රදේශයේ ආරම්භ කිරීම පිළිබද ස්ථානීය පරික්ෂාවකට ඊයේ 04 දින එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි  මේ බව පැවසීය.


“ දැන් බලන්න බීලා වාහන ධාවනය කලොත් පොලිසිය අත්අඩංගුවට ගන්නවා . උසාවි ගිහින් දඩ ගහනවා . පහුගිය දවස්වල රටේ ලොකු ඝෝෂාසාවක් ගියා දඩ මුදල් වැඩිකිරීම පිලිබදව . මම ධීවර අමාත්‍යංශයට අදාළ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන දින මෙම යෝජනාව ඉදිර්පත් කරනවා . මුහුදේ සිදුවන අනතුරු වලක්වා ගැනීමට නව නීති හදුන්වා දීමේ අරමුණ ධීවරයාත් බෝට්ටු හිමිකරුවාත් යන දෙපාර්ශවයම ආරක්ෂා කර ගැනීමයි . පසුගිය දින වල එවැනි අනතුරු වෙලා තිබුණා .
 
සමහර බෝට්ටු දෙකට කැඩිලා . එවැනි බෝට්ටුවක් ලක්ෂ 100 ක් ලක්‍ෂ 150 විතර වෙනවා . ඉතින් මෙවැනි අනතුරකදී ධීවරගේ පවුල් අනාථ වෙනවා බෝට්ටු හිමිකරු වන හිගන්නෙක් තත්ත්වයට වැටෙනවා . ඒ නිසා මේ නව නීති හඳුන්වා දිය යුතුයි .

මම යෝජනා කරන්නේ ධීවර රැකියාවට යන ධීවරයින් සියළු දෙනා සවස 06 වෙනකොට ධීවර වරායට පැමිණීම අනිවාර්ය කල යුතු බවයි . දැන් වෙන්නේ රැ නවය දහය වෙනකන් බිලා කෙලින් ඉන්නවත් බැරුව බෝට්ටුවත් අරගෙන යනවා . මහ මුහුදේ මොන ට්‍රැෆික් රාළහාමිලා ද. ගිහින් බෝට්ටුත් හප්පගෙන ජිවිතත් නැති කරගන්නවා . නව නීති හදුන්වා දීමත් සමග සවස 6 වෙනකොට ධීවර වරායට එන සියළු ධීවරයන් බිමත්ව සිටිනවාද කියලා දැඩි පරික්ෂාවකට ලක් කල යුතුයි . එවිට බීමත්ව ඉන්න කිසිම ධීවරයකුට බෝට්ටු අරගෙන ධීවර කර්මාන්තයේ නිරතවීමට අවස්ථාව නැතිවනවා . මම විශ්වාස කරනවා මෙම නීති හදුන්වා දීම කාලෝචිත වටිනාකමක් තියෙනවා කියලා . මොකද මහමගදී බිමත්ව රියපදවලා අනතුරු සිදුවෙලා ජිවිත නැති වෙනවා වගේමයි මුහුදේ බිමත්ව බෝට්ටු පදවලා අනතුරු සිදුවෙන එකත් . වෙනසකට තියෙන්නේ මහමගදී අනතුරක් සිදුවුනොත් ඉක්මනින් රෝහලක් වෙත ගෙනගිහින් ජිවිත බේරාගන්න පුළුවන්. මුහුදේ වුණහම ඒකටත් අවස්ථාව නැහැ .”