ජනපති සුරතින් කඳාන ත්‍රීපෝෂ කර්මාන්ත ශාලාවේ වැඩ ඇරඹෙයි

ජනපති සුරතින් කඳාන ත්‍රීපෝෂ කර්මාන්ත ශාලාවේ වැඩ ඇරඹෙයි

December 5, 2016   03:01 pm



කඳාන ප්‍රදේශයේ ඉදිකරන ලද ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාවේ නව යන්ත්‍ර සූත්‍ර බලගැන්වීම සහ නවිකරණය කරන ලද ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබේ.

අද පෙරවරුවේ එම විවෘත කිරීම සිදු කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම කර්මාන්ත ශාලාව තුළින් ත්‍රිපෝෂ නිෂ්පාදන ධාරිතාව සියයට සියයකින් වැඩි කර ගත හැකි බවට අපේක්ෂා කෙරෙයි.

මෙම ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව වැඩිදියුණු කිරීම සඳහා 2016 අයවැයෙන් රුපියල් මිලින 500ක මුදලක් වෙන් කර ඇති අතර 2015 වසරේ ඒ සඳහා රුපියල් මිලියන 200ක මුදලක් වැය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

නවීකරණය කරන ලද ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කිරීමට ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වී ඇත.

එම අවස්ථාවට පූජ්‍ය අතුරලියේ රතන හිමි, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න,  නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම්, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.