පොලිසියට පහරදුන්නැයි කී බස්නාහිර මන්ත්‍රීට ඇප

පොලිසියට පහරදුන්නැයි කී බස්නාහිර මන්ත්‍රීට ඇප

December 5, 2016   01:22 pm



පාර්ලිමේන්තු වටරවුමේ පැවැති සමෘද්ධි නිළධාරින්ගේ විරෝධතාවකදී පොලිසියට පහරදුන් බවට අධිකරණයට ඉදිරිපත් වු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා ඇප මත මුදාහැර තිබේ.

ජගත් කුමාර මහතා නීතිඥවරයෙකු මාර්ගයෙන් අද කෙළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වූ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

පසුගියදා පාර්ලිමේන්තු වටරවුමේ පැවැති සමෘද්ධි නිළධාරින්ගේ විරෝධතාවයේදී ජගත් කුමාර මහතා පොලිසියට පහරදුන් බවට ප්‍රකාශ කළ ද එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බව නීතිඥවරයා අධිකරණයට දන්වා ඇත.

කෙසේ වෙතත් අධිකරණයට ගරු කිරීමක් ලෙස ඔහු අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි බව නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා සැකකාර පළාත් සභා මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර ඇත.

නඩුව ජුලි මස 11 වනදා දක්වා කල්තැබීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

 




පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.