නිශාන්ත රණතුංගට දැඩි අවවාද!

නිශාන්ත රණතුංගට දැඩි අවවාද!

December 5, 2016   01:13 pm



පුද්ගලයෙකුට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අවවාද කොට මුදාහැර තිබේ.

කොළඹ ක්‍රිකට් සමාජයේ සභාපති අරුණ සිල්වා මහතාට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය විසින් නිශාන්ත රණතුංග මහතාට එරෙහිව නඩු පවරා තිබුණි.

ඒ පිළිබඳ දෙපාර්ශවය සමතයකට පත්වීමට එකඟතාව පළ කර ඇති බව අධිකරණයට දැනුම්දීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විත්තිකරුට අවවාද කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.




පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.