ස්ටීවන් ස්මිත්ගෙන් විශිෂ්ට පිති හරඹයක්

ස්ටීවන් ස්මිත්ගෙන් විශිෂ්ට පිති හරඹයක්

December 4, 2016   05:14 pm




ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු එක්දිනය තරගය මේ වන විට ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහිදී පැවැත්වේ.

තරගයේ කාසිය වාසිය හිමිකරගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව මීට සුළු වේලාවකට පෙර ඔවුන් පන්දුවාර 45ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 275ක් ලබා සිටියේය.

විශිෂ්ට පිති හරඹයක නිරතව සිටින නායක ස්ටීවන් ස්මිත් ලකුණු 140ක් ලබා සිටී.

මැතිව් වේඩ් නොදැවී ලකුණු 15යි .

පන්දු යැවීමේ දී මැට් හෙන්රි, ට්‍රේන්ට් බෝල්ට්, ලොකි ෆර්ගියුසන්, ජේම්ස් නීශාම් එක් කඩුල්ල බැගින් බිඳ හෙළීය.