විමල් වීරවංශගේ ගෙදරින් මළ සිරුරක් සොයාගනියි

විමල් වීරවංශගේ ගෙදරින් මළ සිරුරක් සොයාගනියි

October 26, 2016   07:24 pm



විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ හෝකන්දර පිහිටි නිවසින් මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වීරවංශ මන්ත්‍රීවරයාගේ පුතුගේ මිතුරෙකු බව පැවසෙන ලහිරු දිසානායක නැමැති 24 හැවිරිදි තරුණයෙකි.

නිතර මන්ත්‍රීවරයාගේ නිවසට ආ ගිය බව පැවසෙන එම තරුණයා ඊයේ රාත්‍රීයේද මන්ත්‍රීවරයාගේ නිවසට පැමිණ නවාතැන්ගෙන ඇත.

කෙසේ වුවද  අද දහවල් එම තරුණයා   ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමටද ශෂී වීරවංශ මහත්මිය කටයුතු කර ඇති අතර ඒ වන විටත් ඔහු  මියගොස් සිටි බව  සඳහන්ය.

ඒ අනූව මේ සම්බන්ධයෙන් තලංගම පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනූව වීරවංශ මන්ත්‍රීවරයාගේ බිරිඳගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ද පොලීසිය කටයුතු කර ඇතැයි වාර්තා වේ.