සිසුන් දෙදෙනා මියයාම-පරීක්ෂණයකින් තොරව නිඟමනවලට එළඹිය නොහැකියි

සිසුන් දෙදෙනා මියයාම-පරීක්ෂණයකින් තොරව නිඟමනවලට එළඹිය නොහැකියි

October 23, 2016   08:19 pm


යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් නිවැරදි පරීක්ෂණයකින් තොරව නිඟමනවලට එළඹිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එවැනි සිදුවීම් දකුණේ ද මීට පෙර සිදුව ඇති බවයි.

පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.