කලාකරු දායකත්ව විශ්‍රාම වැටුප් ‍යෝජනා ක්‍රමයට අයදුම්පත් කැඳවයි

කලාකරු දායකත්ව විශ්‍රාම වැටුප් ‍යෝජනා ක්‍රමයට අයදුම්පත් කැඳවයි

October 23, 2016   03:48 pm



කලාකරු දායකත්ව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා කලාකරුවන් බඳවා ගැනීමට අදාළව අයඳුම්පත් කැඳවා ඇති බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

කලා ක්ෂේත්‍රය උදෙසා තම දායකත්වය ලබාදෙන කලාකරුවන්ට වෘත්තිමය පිළිගැනීමක් සහ සමාජ සුරක්ෂිතතාවක් ඇති කිරීම වෙනුවෙන් මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මකය.

ඒ අනුව මේ සඳහා අයඳුම් කරන කලාකරුවන්ට ඊට අදාළ අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංස්කෘතික නිලධාරීන් වෙතින් හෝ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ එම දෙපාර්තමේන්තුවට පැමිණ ලබාගත හැකිය.

කලා ක්ෂේත්‍රය සඳහා වසර 5ක කාලයක් සක්‍රීය දායකත්වයක් සිදුකර තිබීම, 2016.11.15 වන දිනට වයස අවුරුදු 25ත් 55ත් අතර අයෙකු වීම සහ රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුපකට හිමිකම් නොකියන කලාකරුවකු වීම මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය සඳහා අදාළ වන සුදුසුකම් බව සඳහන් ‍වේ.

සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2016.11.15 දින හෝ ඊට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත භාරදිය යුතු බව සංස්කෘතික දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0112 88 25 92 යන දුරකථන අංකයෙන් ලබාගත හැකිය.