ගසා‍ගෙන ගිය තරුණ‍යා මුදාගැ‍නෙයි

ගසා‍ගෙන ගිය තරුණ‍යා මුදාගැ‍නෙයි

October 23, 2016   03:16 pm




ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී මුහුදේ දියනාමින් සිටි තරුණයෙකු රළ පහරකට හසුව ගසාගෙන යමින් සිටියදී ජීවිත ආරක්ෂක නිලධාරීන් විසින් මුදාගෙන ති‍‍බේ.

මිතුරන් පිරිසක් සමඟ සංඝමිත්තා වෙරළ තීරයේ දියනාමින් සිටියදී 16 හැවිරිදි තරුණයෙකු මෙලෙස අනතුරට ලක්වී ඇති බව සඳහන් ‍වේ.

එම ස්ථානයේ රාජකාරියේ නිරත පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් විසින් අදාළ තරුණයා නිරුපද්‍රිතව මුදාගැනීමට සමත් වී ඇත.

ප්‍රථමාධාර ලබාදීමෙන් අනතුරුව එම තරුණයා මිතුරන් වෙත බාරදීමට පියවර ගත් බව පොලීසිය පැවසුවේය.