ජනතාවට වන්දි ලබා ගත හැකි ක්‍රමවේදයක් සකස් කරනවා

ජනතාවට වන්දි ලබා ගත හැකි ක්‍රමවේදයක් සකස් කරනවා

October 23, 2016   03:10 pm





විදුලිබල මණ්ඩලයේ වගකීම් නිසි පරිදි ඉටුනොවුණහොත් ඒ සම්බන්ධයෙන් මහජනතාවට වන්දි ලබාගත හැකි ක්‍රමවේදයක් සකස් කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

විදුලිබලය සම්බන්ධ නීති සම්පාදනය කිරීම මහජන උපයෝගීතා කොමිසම විසින් සිදුකළ ද එම නීති ක්‍රියාවට නැංවීමේ බලය පවතින්නේ විෂය භාර අමාත්‍යවරයාට බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

 මහජන උපයෝගීතා කොමිසම ස්ථාපනය කර වසර 7කට ආසන්න කාලයක් ගත වුවද  මේ වන තෙක් විදුලිය සම්බන්ධයෙන් නීති පද්ධතියක් සකස් කර නොතිබූ බව  රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා පවසයි.

විදුලි බලය සම්බන්ධයෙන් පසුගියදා ඇති වූ ගැටළුවත් සමඟ තමා විසින් පත්කළ අමාත්‍ය මණ්ඩල කමිටුව මගින් විදුලිය සම්බන්ධ නීති පද්ධතියක් සකස් කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව කාර්යක්ෂම, අඛණ්ඩ විදුලි උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම වැනි කරුණු නිසි පරිදි ඉටුනොවුණහොත් මහජනතාවට වන්දි ලබාගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන බව  කෑගල්ල පිංදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා කියා සිටියේය.