වත්මන් ආණ්ඩුව බිඳවැටෙමින් පවතිනවා
October 23, 2016 02:02 pm
වත්මන් ආණ්ඩුව ක්රමයෙන් බිඳ වැටෙමින් පවතින බව කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා පවසයි.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පිහිටුවන නව බලවේගයට විශාල ජනතා සහයෝගයක් ලැබෙමින් පවතින බව එතුමා සඳහන් කළේය.
බුලත්සිංහල ප්රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් නව බලවේගයේ සලකුණ පිළිබඳව ද කුමාර වෙල්ගම මහතා එහිදී අදහස් පළ කළේය.
එසේම පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය ඉඩම පරික්ෂා කිරීම පිළිබඳවද කුමාර වෙල්ගම මහතා මෙහිදී අදහස් පළ කර සිටියේය.