පකිස්ථාන - කොදෙව් තරගයේ තෙවන දිනය අදයි

පකිස්ථාන - කොදෙව් තරගයේ තෙවන දිනය අදයි

October 23, 2016   09:30 am






බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.

තරගයේ දෙවන දිනය වූ ඊයේ(22) දිනයේ තරගය නිමා කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 106ක් ලබා සිටියි.

පකිස්ථාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 452ක් රැස්කර ගැනීමට සමත් විය.

ඒ අනුව පකිස්ථාන කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට වඩා 346ක් ඉදිරියෙන් සිටියි.