තහනම් දැල් දැමූ 21ක් දැලේ
October 22, 2016 03:05 pm
සිලාවතුර මුහුදු ප්රදේශයේදී තහනම් දැල් භාවිත කරමින් ධීවර කටයුතු වල නිරත වූ ධීවරයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාවට ලද තොරතුරක් මත සිදුකළ මෙහෙයුම්වලදී අදාළ ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
එහිදී මසුන් ඇල්ලීම සඳහා යොදා ගත් ඩිංගි යාත්රා 10 ක්, තහනම් දැල් 5 ක් හා ජී.පී.එස් යන්ත්ර 3 ක් සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේය.
අත්අඩංගුව ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම සහ මූතූර් ධීවර කාර්යාලය වෙත බාරදුන් බව නාවික හමුදාව සඳහන් කළේය.