ගංජා හේනක් වටලයි - 1 ක් කොටු

ගංජා හේනක් වටලයි - 1 ක් කොටු

October 22, 2016   01:26 pm


වැල්ලවාය, බලහරුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජා හේනක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මොණරාගල කොට්ඨාශ දූෂණ මර්දන අංශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු  අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අක්කර එකහමාරක පමණ භූමි ප්‍රදේශයක අදාළ ගංජා හේන පවත්වාගෙන ගොස් ඇති අතර එහිදී අඩි 06 ක් පමණ උසැති ගංජා පැළ සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අද (22) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.