මුද්‍රණ දෙපාර්තමේන්තුවේ පරිපාලනය අඩාලයි

මුද්‍රණ දෙපාර්තමේන්තුවේ පරිපාලනය අඩාලයි

October 22, 2016   12:45 pm



රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ පරිපාලනය මේ වන විට දැඩි අකාර්යක්ෂමතාවට පත්ව ඇති බව රජයේ මුද්‍රණ සේවකයින්ගේ සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් කේ.සරත් ලාල් පෙරේරා මහතා පෙන්වා දෙන පරිදි එහි පරිගණක අංශයේ නිලධාරීන් සිව්දෙනෙකු මේ වන විට එම අංශය වසා දමා දින 14 ක කාලයක් සඳහා විදේශගත වී තිබේ.

මේ හේතුවෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට ලැබෙන ආදායම් රැසක් අහිමි වී ඇති බව ද ඔහු තවදුරටත් සඳහන් කළේය.

අද දෙරණ මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගෙන් සිදු කළ විමසීමක දී එතුමා සඳහන් කළේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් තමා දැනුවත්ව නොමැති හෙයින් ඒ පිළිබඳ සොයා බලා අදාළ ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවයි.