ගිනි අවියක් සමග 1ක් මාට්ටු

ගිනි අවියක් සමග 1ක් මාට්ටු

October 22, 2016   09:10 am




නීති විරෝධීව ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ගිරාඳුරුකෝට්ටේ, හෙබරව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී බෝර 12 පතරොම් ගිනිඅවියක් තිබී සොයාගත් බව පොලීසිය පැවසුවේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු අද(22) දින මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ගිරාඳුරුකෝට්ටේ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.